
සුදුකොඩි ප්‍රකාශය තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
අදාළ නඩුව අද(12) කැඳවූ අවස්ථාවේ දී විත්ති කූඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
සුදුකොඩි රැගෙන වන්නි යුද ගැටුම් අවසන් වීමෙන් පසුව භාරවූ එල්.ටී.ටී.ඊ නායකයින්ට ආරක්ෂක ලේකම්වරයාගේ නියමයෙන් වෙඩි තබා ඝාතනය කළ බවට තමන් ප්‍රකාශ කරන ලදැයි සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කර තිබූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව ඔහු තවදුරටත් පැවසුවේය.
සන්ඩේ ලීඩර් කර්තෘවරිය ඇයගේ වචනවලින්ම නැගූ ප්‍රශ්නවලට තමා දුන් පිළිතුරක් විකෘති කොට පළකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව සරත් ෆොන්සේකා මහතා එහිදී කියා සිටියේය.
වසර 40 ක කාලයක් හමුදා සේවයේ නිරත වූ තමා කිසිදු අවස්ථාවක යුද හමුදාවට ද්‍රෝහි වන ආකාරයෙන් කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

















































