
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
ඒ මහතා මීට දින 3 කට පමණ පෙර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.
ඔහු 68 හැවිරිදි වියේ පසුවෙයි.
බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කළේය.
















































