header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට පළමු කොරෝනා රෝගියා දින 6ක් රටපුරා සංචාරය කරලා
Mar 11, 202007:24 PM
මෙරට පළමු කොරෝනා රෝගියා දින 6ක් රටපුරා සංචාරය කරලා
Mobitel 1278

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේයි.

මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා ඉතාලි බස කතාකරන සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක්.

ඔහු අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටයි.

3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.

ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.

දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදායි.

ජයන්ත රණසිංහ මහතා සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය සෙසු සාමාජිකයින්ට අද එස්.එම්.එස්. පණිවිඩියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ, ජයන්ත මහතා ඇතුළු ඉතාලි ජාතිකයින් නවාතැන් ගත් හෝටල්වල රැඳී සිටියේ නම් කඩිනමින් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.

අද වනවිට කොරෝනා වෛරසය බවට සැකකෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශයේ නව තොරතුරුවල දැක්වෙයි.

ඒ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණි තවත් මගීන් 100 කට වැඩි සංඛ්‍යාවක් මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත අදත් යොමු කෙරුණි.

නිරෝධායන මධ්‍යස්ථානවලට මේ වනවිට යොමුකර ඇති සමස්ත ගණන 622 ක්.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙළට සහාය දෙන ලෙසයි.

කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස වර්ග කෙටි කාලයක් තුළ හඳුනාගැනීමේ පී.ආර්.සී.යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම අද සිදුකෙරුණි.

මෙය අග්‍රාමාත්‍යවරයා වෙත ලැබුණු පෞද්ගලික ත්‍යාගයක් වන නමුත් කාලීන අවශ්‍යතාව සලකා එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇත.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ මැදපෙරදිග,ආසියානු හා යුරෝපීය රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු බවයි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ