
සිරගත කර සිටින සරත් ෆොන්සේකා මහතාට පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.
විපක්ෂ නායකවරයා විසින් අදාළ ලිපිය පාර්ලිමේන්තුවේ දී සභාවට ඉදිරිපත් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.
ඉල්ලීමක් කළහොත් සරත් ෆොන්සේකා මහතාට සමාවක් ලබාදිය හැකි බවට ජනාධිපතිවරයා පසුගියදා කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් තමන් මෙවැනි ඉල්ලීමක් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් පෙන්වාදී තිබේ.
සරත් ෆොන්සේකා මහතා දේශයට සිදුකර ඇති උදාර සේවාව සැලකීමේ දී ඔහුට සිරදඩුවම් නියම කිරීම සිදුනොවිය යුත්තක් බව ඔහු තවදුරටත් පෙන්වාදෙයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව හෝ හමුදා පනතේ 65 වන වගන්තිය යටතේ ඇති බලතල අනුව මෙම දඬුවම අහෝසි කරන ලෙස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

















































