
දෙවන යුදාධිකරණය මගින් වසර දෙකහමාරක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළත් කර තිබේ. ඊයේ(30) රාත්‍රී ෆොන්සේකා මහතා බන්ධනාගාරයට රැගෙන ආ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
ෆොන්සේකා මහතා බන්ධනාගාර ගතකිරීමට රැගෙන යන අවස්ථාව දැකබලා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ විශාල පිරිසක් බේස්ලයින් මාර්ගය දෙපසට රැස්වී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එම ප්‍රදේශයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

















































