
දෙවන යුද අධිරණය මගින් සරත් ෆොන්සේකා මහතා වෙත නියම කරන ලද තීන්දුව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට මාස 30ක සිරදඩුවමක් හිමිවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා 4ක් දෙවන යුද අධිකරණය හමුවේ විභාග වු අතර, එම චෝදනා 4ට ම ෆොන්සේකා මහතා වරදකරු බවට එම යුද අධිකරණය මගින් පසුගිය 17 වනදා තීරණය කරනු ලැබීය.
යුද අධිකරණය මගින් පනවන ලද දඬුවම අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබීය. ඒ අනුව අද(30) ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී තිබේ.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටියදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යුද හමුදාව සඳහා භාණ්ඩ මිලදී ගැනීම් සම්බන්ධයෙන් එල්ල වු චෝදනාවන්ට දෙවන යුද අධිකරණ විසින් ඔහු වරදකරු කරනු ලැබීය.

















































