
පළමු යුද අධිකරණයෙන් තමාට ලබා දුන් තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා මහතා අභියාචානාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ..
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපතිවරයා සහ පළමු යුද අධිකරණය මෙහෙය වූ මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන් වේ.
තමන්ට එරෙහිව සාධාරණ නඩු විභාගයක් නොපවත්වා තමන් සතු නිලතල ඉවත් කිරීමට පළමු යුද අධිකරණය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී බව පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා මෙමගින් කියා සිටියි. v එම නිසා පළමුවන යුද අධිකරණය විසින් ලබා දුන් තමන්ගේ නිලතල ඉවත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සරත් ෆොන්සේකා මහතා අභියාචානාධිකරණයෙන් ඉල්ලා සිටියි.
හමුදා ප්‍රධානියාව සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන සබඳතා පැවැත්වූ බවට සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුණු අතර එකී නඩුවෙන් ෆොන්සේකා මහතා වැරදිකරු බවට පත්විය.

















































