
සරත් ෆොන්සේකා මහතාට සිදුවන අසාධාරණකම් වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තර අධිකරණය වෙත යන බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණ වෙත කරුණු දැක්වීමේ වගකීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවරා ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
බෝම්බ පිපිරීම් වැනි අනතුරු වලින් මරණයට පත්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම හා එම පක්ෂයේ 65 වන සංවත්සරය වෙනුවෙන් අද(19) සීදූව නගරයේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
මෙම උත්සවය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය, ජෝශප් මයිකල් පෙරේරා හා දොස්තර ජයලත් ජයවර්ධන යන මහත්වරුන් ද සහභාගි වී ඇති බව සඳහන්ය. නමුත් අදාළ උත්සවය ඇමතීමෙන් ද තොරව රනිල් වික්‍රමසිංහ මහතා, වෙනත් රාජකාරි කටයුත්තක් වෙනුවෙන් ඉක්මනින් පිටව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

















































