
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා දෙවෙනි යුධ අධිකරණයෙන් වරදකරු බවට තහවුරු වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා 4ක් දෙවන යුද අධිකරණය හමුවේ විභාග වු බවත්, එම චෝදනා 4ට ම ෆොන්සේකා මහතා වරදකරු බවට එම යුද අධිකරණය මගින් අද(17) තීරණය කෙරුණු බවත් හුළුගල්ල මහතා කියා සිටියේය.
ඒ අනුව යුද අධිකරණය මගින් පනවන ලද දඬුවම අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

















































