ගුණමකුවන් ළඟ සුන්දරත්වයක් කෙසේ සොයන්නද?
October 23, 2018 11:59 am
නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්බාගේ කෝරළය ප්‍රදේශයේ කසල දැමීම සපුරා තහනම් ලෙස සඳහන් කර ඇති පුවරුව අසල ඇතැම් ප්‍රදේශවාසින් විසින් එම ස්ථානයට කසළ බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමා යමින් පවතී .
මෙම කසල සුනඛයන් විසින් ප්‍රධාන මාර්ගයට ඇද දැමීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන මගීන් මෙන්ම රියදුර ද අපහසුතාවයට පත්ව සිටිති.
එමෙන්ම මේ දිනවල ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කසල පැතිර යන දුර්ගන්දය හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
කසල ගොඩ නිසා පරිසරය දූෂණය වීමෙන් ප්‍රදේශය පුරා වසංගත රෝග පැතිර යාමේ දැඩි අවධානමක්ද ඇති බැවින් වගකිව යුත්තන්ගේ අවධානයෙන් කසල මුදා හරින්නන්ට එරෙහිව විදිමත් නිතිමය පියවරක් ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.
