80 හැවිරිදි වෛද්‍යවරයාගේ නිවසින් මදන මොදක ගුලි කිලෝ 11ක් හමු වෙයි
October 8, 2018 09:44 pm
දික්වැල්ල පානේගම ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු බලපත්‍ර රහිතව තම නිවසේ තබා ගෙන සිටි මදන මෝදක ගුලි කිලෝ 11ට ආසන්න ප්‍රමාණයක් මාතර පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ලද තොරතුරක් මත ඊයේ (07) සවස දික්වැල්ල පාතේගම ප්‍රදේශයේ පිහිටි මෙම ආයුර්වේද වෛද්‍යවරයාගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ ඇඳක් යට සඟවා තිබු මෙම මදන මෝදක සෝයා ගැනීමට හැකි වී ඇත.
ප්‍ර දේශයේ පාසල් සිසුන් හා ධීවසරයින් ඉලක්ක කොට ගනිමින් එක් ගුලියක් රුපියල් 100ක මුදලකට අලෙවි කර ඇති බව පොලීසිය සිදු කළ මුලික පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් මදන මොදක වල වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බව සදහන් වේ.
අවුරුදු 80ක් පමණ වන මෙම සැකකාර වෛද්‍යවරයා 2014 සිට ඔහුගේ ආයුර්වේද බලපත්‍රය යාවත්කාලින කර නොමැති බවද හෙළි වි ඇත.
(ඡායාරූප-රසුක් දහනායක)