මුහුදු අශ්වයින්ටත් පොලීසියට යන්න වෙලා

මුහුදු අශ්වයින්ටත් පොලීසියට යන්න වෙලා

October 4, 2018   12:54 pm

නීති විරෝධි ලෙස මුහුදු බෙල්ලන් සහ මුහුදු  අශ්වයින් ලෙස හදුන්වන මුහුදු සතුන් ලග තබා ගත් පුද්ගලයෙකු උප්පුවේලී පොලිස් වසමේ වලාන දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (03) එම නිලධාරින්ට ලද තොරතුරක් මත කළ  සොදෙසි කිරිමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබි ටයිටන් නමින් හදුන්වන මස් සහිත මුහුදු බෙල්ලන් දෙදෙකු සහ තවත් වර්ගයක මුහුදු බෙල්ලෙක්ද සොයාගෙන තිබේ.

තවද අඟල් 6ක් පමණ දිගින් යුතු ජීවි මහුදු අශ්වයින් දෙදෙනෙකුද සැකකරු සන්තකයේ තිබි හමු වී ඇත.

සැකකරු වයස අවුරු 46ක් වු උප්පුවේලී ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව ත්‍රිකුණාමලය පොලීසියට භාර දී ඇත.