ධනවාදයෙන් පමනයි රටක් සංවර්ධන කරන්න පුලුවන්

ධනවාදයෙන් පමනයි රටක් සංවර්ධන කරන්න පුලුවන්

September 22, 2018   12:24 pm

රටක් සංවර්ධනය කරා රැගෙන යා හැක්කේ ධනවාදී ප්‍රතිපත්ති තුලින් පමණක් බව බොහෝ රටවල් පිළිගෙන ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (21) හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ ඉදිවූ සකුණගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණේය.

චීනය සහ සොවියට් රුසියාව , අමෙරිකාටද අභිබවමින් ධන වාදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

රටක් සංවර්ධන කල හැක්කේ ධනවාදි ප්‍රතිපත්ති අනුගමනය කිරිමෙන් පමනක් බව මේ වන විට ඔප්පු වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.