කසිප්පු පෙරුම්පොලක් මාරවිල පොලීසිය වටලයි
September 7, 2018 09:18 am
මහවැව - ගල්අමුණ ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන ගිය කසිප්පු පෙරුම්පොලක් වටලා කසිප්පු සහ කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද,එහි හිමිකරුවාවද අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත්වී තිබේ.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
කසිප්පු නිෂ්පාදනය කිරීම සඳහා ගෑස් භාවිතා කර තිබී ඇති අතර දුගද පිටතට නොයාම සදහා බිස්කට් කුඩු භාවිතා කිරීමටත්,අප ද්‍රව්‍ය නල මගින් වැසිකිළි වළ දක්වා පවාහනය කිරීමටද සැකකරු කටයුතු කර තිබිණි.
එම කසිප්පු පෙරුම්පොලේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු ඩ්‍රෑම්ස් 360 ක්, කසිප්පු නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 6280,තඹ දගර 01 ක්,ගෑස් ලිපක්,ගෑස් සිලින්ඩරයක් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුද, කසිප්පු සහ කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදා ගෙන තිබූ උපකරණ සියල්ල මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන 23358 අනුර,27745 අධිකාරි,පොලිස් කොස්තාපල්වරුන් වන 33697 ඒකනායක,48270 සුජීව,66695 ගයාන්, පොලිස් සැරයන් රියදුරු 1031 පොඩිඅප්පුහාමි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
