වැලි ජවාරම්කරුවන් නිසා අපිට වෙන්නේ අසාධාරණයක්

වැලි ජවාරම්කරුවන් නිසා අපිට වෙන්නේ අසාධාරණයක්

September 4, 2018   10:42 pm

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මුහුදට ගලා බසින මහවැලි ගඟේ වැලි කැනීම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක නීති දෙකක් ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතළ පරිසර හානි මෙන්ම ප්‍රදේශවාසීන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ දිනවල මහා පරිමාණ වැලි ජාවාරම් කරුවන් නීතිය අතට ගෙන මහවැලි ගඟේ වැලි කැනීම් ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රදේශවල පදිංචි බලපත්‍ර ලබාගෙන වැලි ගොඩ දමන කම්කරුවන් නීතියට යටත්ව වැලි කැනීම් කරන බවත් ඔවුහු පවසති.

බලපත්‍ර ලාබින්ට නිතිය තදින් ම ක්‍රියාත්මක වන බවත් ඔවුන් ඉදිරියේම නීති විරෝදිව හා නීති උල්ලංගනය කරමින් වැලි කැනීම් සිදුකරති.

මහා පරිමාණ වැලි ජාවාරම් කරුවන් මැඩලීමට ජනාධිපති වරයාගේ සිට පහළම නිලධාරියා දක්වා ලිඛිතව වාචිකව දැනුම් දුන්නද මෙම මහා පරිමාණ ජාවාරම  ක්‍රියාත්මක වන  බව මුතූර් ,සේරුවිල ,වෙරුගල්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ස්වේච්ඡා සංවිධාන නායකයෝ පෙන්වා දෙති.