රැල්ල පාගන්න ගිය කත රළකට බිලිවෙයි
September 1, 2018 09:01 pm
හලාවත තානායම අසල මුහුදු වෙරළේ රැළි පාගමින් සිටි කාන්තාවක් මුහුදට ගසා ගෙන ගොස් දියේ ගිලීමෙන් මිය ගොස් ඇත.
අද (01) දින සවස 3.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
මිය ගොස් ඇත්තේ කටුපත- බමුණාකොටුව,ගිනිමාන්න,කෙහෙල්හේන පදිංචිව සිටි එම්.මනෝරි තක්ෂිලා (අවු:33) නම්වූ එක්දරු මවකි.
හලාවත - මුනේෂ්වරම් දේවාලයට පැමිණි පැමිණි පිරිසක් විනෝදය සදහා මුහුදු වෙරළට ගොස් රැළි පාගමින් සිට ඇති අතර එම අවස්ථාවේ එක් වරම පැමිණ ඇති විශාල රළකට හසුවී කාන්තාව මුහුදට ගසා ගෙන ගොස් ඇත.
පසුව එම ස්ථානයේ සිටි කීප දෙනෙකු මුහුදට පැන දියේ පා වෙමින් තිබූ ඇයව ගොඩට ගෙන හලාවත මහා රෝහලට වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇත.
පසුගිය 23 වැනිදා පෙරවරුවේද හලාවත - තානායම අසාන්නයේ මුහුදු වෙරළේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇත.ඇය කාගේ කව්රුන්ද යන්න මෙතෙක් හදුනා ගෙන නැත.
හලාවත මුහුදු වෙරළේ දිය නෑමෙන් සහ විනෝද වීමෙන් වළකින ලෙස පුවරු ප්‍රදර්ශණය කර ඇතත්,එම අවවාද නොතැකීම මෙවැති අනතුරු වලට හේතුව බව පොලීසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.