සයුරෙන් එතෙර
අභ්‍යවකාශ යානාවක වායු කාන්දුවක්
August 31, 2018 10:01 am
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා ඇති අභ්‍යවකාශ යානාවක වායු කාන්දුවක් හටගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
පෘථිවියේ සිට කිලෝමීටටර් 400ක් පමණ ඉහළින් පිහිටි කක්ෂයක රඳවා ඇති යානයක එම සිදුර හටගෙන ඇති බව වාර්තා වේ.
වායු කාන්දුව හටගෙන ඇත්තේ පසුගිය ජුනි මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන පර්යේෂණාගාරය වෙත අභ්‍යවකාශගාමීන් රැගෙන ගිය යානය වේ.
අධිවේගයෙන් ගමන් කළ ගල්කැබලි ගැටීම හේතුවෙන් එය සිදුවන්නට ඇති බව රුසියානු සහ අමෙරිකානු බලධාරින් පවසයි.
මේ වන විට එම යානයේ රැදී සිටින අභ්‍යවකාශගාමීන් 06 දෙනාට ඉන් හානියක් නොමැති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.