ආසියානු ක්‍රිඩා උළෙලේ පදක්කම් සටහනේ චීනය තවදුරටත් ඉදිරියෙන්
August 28, 2018 10:23 am
ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රිඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටි.
ඒ රන් පදක්කම් 88 ක් , රිදී පදක්කම් 62 ක් සහ ලෝකඩ පදක්කම් 43 ක් සමඟින් සමස්ත පදක්කම් 193 ක් හිමි කර ගනිමින්.
රන් 43 ක්, රිදී 37 ක් සහ ලෝකඩ 57 ක් ලෙස සමස්ත පදක්කම් 137 ක් හිමිකර ගත් ජපානය දෙවන ස්ථානයේ පසු වේ.
රන් පදක්කම් 29 ක් සමඟින් සමස්ත පදක්කම් 109 ක් හිමිකර ගෙන ඇති දකුණු කොරියානු කණ්ඩායම තෙවන ස්ථානයට පත්ව තිබේ.
ක්‍රිඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් අවසන් තරඟ කිහිපයකට සුදුසුකම් ලබා ගත්තද මේ වන තෙක් කිසිඳු පදක්කමක් හිමිකරගෙන නැහැ.
පසුගිය 18 වනදා ආරම්භ වූ ආසියානු ක්‍රිඩා උළෙල ලබන මස 02 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
