අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ යුතුයි
August 26, 2018 06:32 am
සීමා නිර්ණය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීම ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වහාම අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේය.