ශ්‍රී ලංකා ප්‍රියමියලීග් - කොළඹ කණ්ඩායම පෙරමුණේ

ශ්‍රී ලංකා ප්‍රියමියලීග් - කොළඹ කණ්ඩායම පෙරමුණේ

August 22, 2018   02:38 pm

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ 02 ක් අද (22) පැවැත්වීමට නියමිතය.

මින් එක් තරඟයක් කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වේ.

අනෙක් තරඟය ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙම තරඟාවලියේ පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම සමත්ව ඇති අතර දෙවන ස්ථානයේ දඹුල්ල කණ්ඩායම පසු වේ.