අලි ගැටළුවට විසඳුම් නොදුන්නොත් පාරට බහිනවා
August 19, 2018 11:09 am
අම්පාර උහන ප්රදේශයේ කුමාරිගම ගම්මානයට රාත්රී කාලයේ පැමිණි අලි තිදෙනෙකු එළවීම සඳහා වනජීවි නිලධාරින් සහ ගම්වැසියන් ට මහත් පරිශ්රමයක් ගැනිමට සිදුවිය.
ඊයේ (18) දින ගම්මානයට පැමිණි වන අලි තිදෙනෙකු රාත්රි කාලයේ කුඹුරැ විනාශ කර ඇති අතර එලිවෙන විට ඔවුන්ට ගමෙන් එලියට යෑමට නොහැකිව ගම අසළ කුඩා කැලයක නතර වී සිටින අයුරැ ගම්වැසියන් දැක තිබේ.
පසුව ගම්වැසියන් අම්පාර වනජීවී කාර්යාලයට දැනුම් දිමෙන් පසුව වනජීවි නිලධාරින් සහ ගම්වැසියන් එක්ව මෙම අලි තිදෙනා එලවිම සඳහා මහත් වෙහෙසක් කරනු ලැබීය.
පැය තුනක පමණ කාලයක් මෙම වන අලි එලවිමට උත්සහ කලත් ගම්මමානය අසළ ඇති කැලෑ කුට්ටිවල වලට රිංගමින් සිටි අතර දහවල් වෙන විට විශාල පිරිසක් කුඹුරැවල ගොවිතැන් කරන නිසා අලි එලවීම තාවකාලිකව නතර කරනු ලැබීය.
එදින රාත්රියේත් මෙම වන අලි විසින් කුඹුරැ වලින් ගමන් කරමින් විශාල විනාශයක් කර තිබේ.
මෙම කන්නයේ ජලය නොමැති කම නිසා කුඹුරැ විශාල ප්රමාණයක් අත්හැර ඇති අතර කරගත් කුඹුරැ ටික හෝ වන අලින්ගෙන් බේරා ගැනීමට නොහැකි වි ඇති නිසා ගම්වැසියන් මහත් අසරණ වි තිබෙන බව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පැවසිය.
ඉතා ඉක්මනින් මෙයට පිළියමක් යෙදිමට වනජීවී නිලධාරින් ක්රියාත්මක නොවන්නේ නම් එයට විරුද්ධව පාරට බහින බවද පැවසීය.