ඉන්දීයානු සායනික අපද්‍රව්‍ය මුහුදට දැමිම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව මැදිහත්විය යුතුයි
August 16, 2018 07:43 am
ඉන්දීයානු සායනික අපද්‍රව්‍ය මෙරට මුහුදු වෙරළට ගොඩගැසීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත්විමක් සිදු කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සායනික අප්‍රද්‍රව්‍ය මුදාහැරිමේදී ඕනෑම රටකට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවය.
පුත්තලම ප්‍රදේශයේ වෙරළ තීරයට පසුගියදා ඉන්දියානු සායනික අප්‍රද්‍රව්‍ය තොඟයක් ගොඩගසා තිබූ අතර මේ වන විට එම වෙරළ තීරය පිරිසිදු කිරිමේ කටයුතු අවසන් කර තිබේ.
අදාල සායනික අප්‍රද්‍රව්‍ය මෙරට වෙරළ තීරයට ගොඩගැසීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් පල කළේය.
පුත්තලම වෙරළ තීරයට ගොඩගසා තිබූ අප්‍රදුව්‍ය ඉවත් කළ ද ඉන් මුහුදට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති බව සමුද්‍රිය වෙරළ ආරක්ෂණ අධිකාරිය පැවසීය.
එහි සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සදහන් කළේ ඉදිරි දින කිහිය තුළ මුහුදු පතුල පරික්ෂා කිරිමට ද සැලසුම් කර ඇති බවයි.