අතුරුදහන් වූ පුද්ගලයෙකු සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි

අතුරුදහන් වූ පුද්ගලයෙකු සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි

July 27, 2018   03:20 pm

 

නෝර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙසල්ගමුව ඔයේ තිබියදී  අද (27) දහවල් පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මළ සිරැරක් පාවෙමින් තිබෙන අයුරැ දැක පොලිසිය දැනුවත් කර තිබේ.

මෙසේ හමුවුයේ ඉකුත් 24 වන දා රාත්‍රියේ සිට අතුරැදන්වු වෙන්චර් තේ වත්තේ ලෝවර් ලොරන්ස් කොටසේ පදිංචිව සිටි එස්.නිරන්ජන් නමැති 34 හැවිරිදි පුද්ගලයා බව මරණකරුගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබේ.

ඔහු එදින රාත්‍රියේ තමා සමගම නින්දට ගිය බවත් මධ්‍යම රාත්‍රියේදි පමණ නින්දෙන් ඇහැරි බලන විට සැමියා නොසිටිය බවත් බිරිද විසින් පවසා තිබේ.

ඔහුගේ අතුරැදන් වීම සම්බන්ධව බිරිද විසින් නාර්වුඩ් පොලිසිය වෙත පැමිණිල්ලකිද කර තිබිණි.

මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරිමට නියමිත අතර නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.