බස්-ත්‍රීරෝද රථ අනතුරකින් එකම පවුලේ 3කට තුවාලයි-පියාට බරපතළයි
July 20, 2018 11:18 am
පුත්තලම, මදුරන්කුලිය මංසන්දියට ආසන්නයේ අද(20) උදෑසන සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලීසිය පවසයි.
අනුරාධපුර සිට කොළඹ බලා ගමන් කරමින් තිබු පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය නගරයට ආසන්නයේ ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී ත්‍රීරෝද රථයද අනතුරට ලක් කරමින් බස් රථය පෙරළි ගොස් තිබු බව පොලිස් රථවාහ නිළධාරීන් සඳහන් කළේය.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවෙකු තුවාල ලබා ඇති අතර පියාගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි
පෙරළි ගොස් තිබු බස් රථයේ ගමන් ගත් මගීන් බස් රථය තුළ සිරවි සිටියදී ප්‍රදේශවාසින් එක්ව පිටතට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
