නිවාස ණය දෙන්න වංචනිකව මුදල් එකතු කරපු අයෙක් ගැන තොරතුරු හෙළි වෙයි

නිවාස ණය දෙන්න වංචනිකව මුදල් එකතු කරපු අයෙක් ගැන තොරතුරු හෙළි වෙයි

July 6, 2018   02:52 pm

නිවාස හා ඉදිකිරීම්  අමාත්‍යංශය  මඟින් නිවාස අලුත්වැඩියාවට සහ නිවාස ඉදිකර ගැනීමට ණය ලබා දිමට නියමිත ගලේවල ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබා ගත් බවට එම ජනතාව චොදනා කරයි. 

ණය මුදල ලබා දිම සඳහා අවශ්‍ය ලිපි ගාස්තු, ප්‍රවාහන ගාස්තු ,සහ අමාත්‍යවරයාගේ හා ආසන සංවිධායකවරයාගේ පොස්ටර් මුද්‍රණය කිරිමට අවශ්‍ය බවට පවසනමින් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකගේ නියෝජිතයෙකු විසින් මෙලෙස මුදල් ලබා ගත් බව  ඔවුන් ප්‍රකාශ කළේය.

නිවාස ණය ලබා දිම සඳහා නිවාස හා ඉදිකිරීම්  අමාත්‍යංශය මඟින් ගලේවෙල ප්‍රදේශයේ  ණය හිමියන් 55කු තොරාගෙන ඇති අතර ඒ සෑම පුද්ගයෙකුගෙන්ම මෙලෙස රුපියල් දෙදහස බැගින් නීති විරෝධි ලෙස  මුදල් ලබා ගෙන ඇති බව අද දෙරණ වාර්තා කරු සඳහන් කළේය. 

එම ණය ලාභින් පවසා ඇත්තේ දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගේ නියෝජිතවරයකු විසින් මෙලෙස මුදල් ලබාගත් බවය. 

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් කළ වීමසීමකදි එහි ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ එලෙස මුදල් ලබා ගැනිමක් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ කිසිදු දැනුවත් විමක් නොමහැති බවයි. 

කෙසේවෙතත් මෙම ජනතාවගේ චෝදනාව සම්බන්දයෙන් නිවැරදි තොරතුරු සොයා බැලිම සඳහා  එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගේ නියෝජිතවරයා වන  ඩී . එන්. ද සොයිසා මහතාගෙන් විමසීමක් කළේය. 

එහිදි ඔහු අද දෙරණ වාර්තාකරුට පළමුවෙන්ම පැවසුවේ  ඔහු  එවැනි කිසිඳු මුදලක් අය නොකළ බවය. 

මෙම පුද්ගලයා මෙවර ගලේවෙල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී පරාජය වු අයෙකි. 

නමුත් පසුව නැවතත්  ප්‍රශ්ණ කිරිම් වලදි ඔහු පැසුවේ  ආහාර ,බස් රථය හා අමාත්වරුන්ගේ බැනර් ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් දහසක මුදලක් පමණක් ලබා ගත් බවය.