මහින්දට කිසිදු මුදලක් චීනයෙන් ලැබුනේ නෑ
July 1, 2018 03:45 pm
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු මුදලක් චීනයෙන් නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද(01) තංගල්ල පරෙවිවැල්ල වෙරළ තීරය පිරිසිදුකිරීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
“ඞමහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චීනයෙන් කිසිම මුදලක් ලැබුනේ නැහැ ඔය කියන ආකාරයට. අපි ඒක වගකීමෙන් කියනවා. මේ වන විටත් එෆ්සීඅයිඩී එකෙනුයි සීඅයිඩී එකෙනුයි අවුරුදු හතරක් පරික්ෂණ කෙරුවා. පිටරට සමාගම් නෙවේ.
ලංකාවේ සල්ලි දීපු අය ගෙනල්ලත් ප්‍රශ්න කලා. ගමේ දන්සැල් දීපු අයත් ප්‍රශ්න කලා. පොසොන් පෝයට වෙසක් පෝයට තොරණ් බැදපු අයත් ගෙනත් ප්‍රශ්න කලා. මුකුත් නෑ කියල තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව කරන්නේ.
රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කල දෙයින්ම පැහැදිලි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු යන්නේ කොහෙන්ද කියලා. ඊයේ පෙරේදා මම දැක්කා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා සීඅයිඩී අකෙන්ලු දුන්නේ තොරතුරු ටික. ලියපු මාධ්‍යවේදිනිය සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරල තිබුණා.
හැබැයි ආණ්ඩුවේ ඇමතිවරයා කියනවා සීඅයිඩී එකෙන් පරික්ෂණ වාර්තා ටික දුන්නේ කියල. ඒකෙන්ම පැහැදිලියි හොයල හොයල මුකුත්ම නැති වෙනකොට මඩ ගහන්න ඕන වෙනකොට අවශ්‍ය තොරතුරු ටික හදලා බොරු තොරතුරු මාධ්‍යයට නිකුත් කරනවා. නිව්යෝක් ටයිම්ස් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කළ පළමු අවස්ථාව මෙය නෙවයි ජාත්‍යන්තර මාධ්‍යයක් වුනාට.
රාජිත සේනාරත්න කියනවානම් සීඅයිඩී එක්ට එෆ්සීඅයිඩීයට හොයාගන්න බැරිවුණු දේ නිව්යෝක් ටයිම්ස් හොයාගත්තා කියල රන්ජන් රාමනායක මහත්තය කියනවා සීඅයිඩී එකෙනුයි එෆ්සීඅයිඩී එකෙනුයි තමයි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු දුන්නේ කියල. එහෙම බැලුවම මුන් දෙන්නම කියන්නේ බොරු.
මේ දෙන්න ඇමරිකාව කිව්වොත් යුරෝපය කිව්වොත් එතනින් එහාට මේ දෙන්නට ලෝකයක් නෑ. රාජිත සේනාරත්න මහත්තය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුනු දවසේ ඉදල කියපු දේ අනිත් එක්කෙනා නැහැයි කියනවා. “