පණුවො ගහපු මාළු වික්ක 2ක් මාට්ටු

පණුවො ගහපු මාළු වික්ක 2ක් මාට්ටු

June 7, 2018   02:13 pm


මාතලේ නගර සිමාව තුළ ලොරි රථ දෙකක් යොදාගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු වෙළඳාම් කළ ජංගම මාළු අලෙවි සැල් හිමිකරුවන් දෙදෙනෙකු මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ(06) මාතලේ සෞඛ්‍ය අංශවල නිලධාරීන් හා පොලීසිය විසින්  සිදු කළ වැටලීමකදී මෙම ජංගම අලෙවිසැල් දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී  පුද්ගලයි දෙදනෙකු හා ලොරි රථ දෙකක්, පාරිභෝජනයට නුසුදුසු මාළු පෙට්ටි තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මාළු තොගයේ පරිභෝජනයට නුසුදුසු මාළුන් බොහෝ ප්‍රමාණක් තිබු අතර ඒවායේ පණුවන්ද දක්නට ලැබු බව අප වාර්තාකරු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(07) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.