වටවල දෙමළ මහා විද්‍යාලයේ පැති බැම්ම කැඩි යාම නිසා ගොඩනැඟිලි ගිලා බැසිමේ අවදානමක
May 25, 2018 11:12 am
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් වටවල දෙමළ මහා විද්‍යාලයේ ආරක්ෂිත පැති බැම්ම පැවති අධික වර්ෂාවත් සමඟම කැඩී යාම නිසා එම පාසලේ තවත් ගොඩනැගිලි කිහිපයක් නායයාමේ අවධානමට ලක් වි ඇති බව එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සියුවියන්ගේ දෙමාපියන් පවසයි.
එම ආරක්ෂිත බැම්ම කැඩී යාමත් සමඟම පවතින අධික වර්ෂාව නිසා එම පාසලේ ප්‍රාථමික අංශයේ පන්ති පවත්වන ගොඩනැගිල්ල ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති බව එම පාසලේ ගුරුවරුන්ද කියා සිටියේය.
පාසලේ පවතින වත්මන් අවධානම් තත්ත්වය පිලිබදව බලධාරින් දැනුවත් කලත් ඔවුන් කිසිවෙක් ඒ පිලිබද සොයා බැලිමට තම පාසලට නොපැමිණි බව එම පාසලේ ගුරුවරුන් පවසා සිටියි.