කළු ගඟේ ජල මට්ටම ඉහළ යයි-මහා ගංවතුර තත්ත්වයක්? විමසිල්ලෙන් ඉන්න
May 21, 2018 05:48 pm
කළු ගඟ ඉහළ ධාරා ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ කළු ගඟෙහි ගංවතුර මට්ටම සුළු ගං වතුර මට්ටම ඉක්මවා මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතී.
රත්නපුර ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වය මේ වන විට මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන අතර පවතින වර්ෂාව තවදුරටත් ඉහළ ධාරා ප්‍රදේශයට පැවතුණහොත් එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟ පහළ ධාරා ප්‍රදේශයේ පුටුපාවුල, ඇල්ලගාව ජල මට්ටම් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතී.
එමෙන්ම මහ ගංවතුර තත්ත්වයක් දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති මිල්ල කන්ද ප්‍රදේශයේ ජල මට්මට තවදුරටත් ඉහළ යමින් පවතී.
ඒ අනුව කළුතර, දොඩන්ගොඩ, මිල්ලනිය,මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර, කිරි ඇල්ල, කුරුවිට, ඇලපාත රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනයා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙයි.