වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස
April 29, 2018 07:02 am
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.