ජීවිතයක් අහිමි වීමට පෙර කළ යුතු දෙයක් මෙන්න(ඡායාරූප සහිතයි)

ජීවිතයක් අහිමි වීමට පෙර කළ යුතු දෙයක් මෙන්න(ඡායාරූප සහිතයි)

April 25, 2018   02:58 pm



බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ බෝගහමඩිත්ත 2 කණුව අසලින් බදුලු ඔය හරහා දුම්රිය මාර්ගය තෙක් ඉදිව ඇති ටකරං පාලම ඉතා අබලන්ව කඩා වැටීමේ අවධානමකට පත්ව තිබේ.

1991 වසරේ දී ඉදිව ඇති මෙම පාලමෙන් අමුණුවපිටිය, එළදළුවථ, මහවත්තේගම, මුදුන්පිට, හපුවත්ත ආදී ගම්මානවල දහස් ගණනක් ජනතාව තම ගමන් පහසුකම් සපයා ගන්නේ මෙම පාලමෙනි.

පාලම ඉදිවු දා පටන් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොවීම නිසා අද වන විට එය ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබේ.

පාලමේ පැති බැමි කැඩී ඇති බැවින් කුඩා ළමුන් පාලමෙන් ගමන් කිරීමේ දී ඉතා අවධානම් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

පාලමට විදුලිය පවා නොමැති නිසා රාත්‍රී කාලයට අවධානම තවත් වැඩි වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

පාලමේ වහලයේ තැනින් තැන ටකරං ගැලවී ගොස් ඇති අතර වහලයේ ලී සියල්ලම පාහේ දිරා ගොස් ඇති ආකාරය ද අපට දක්නට ලැබිණි.

පාලම නොමැති වුවහොත් ප්‍රදේශවාසීන්ට බදුල්ල හෝ හාලිඇල නගරවලට යෑමට නම් කිලෝ මීටර 10 ක් පමණ දුරක් ගෙවා යෑමට සිදුවන බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ කෙනෙකුගේ ජීවිතයක් මේ මතින් ගිල ගන්නට මත්තෙන් පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.