සිංහල හින්දු අලුත් අවුරුදු උදාව හෙටයි

සිංහල හින්දු අලුත් අවුරුදු උදාව හෙටයි

April 13, 2018   06:42 pm



සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම හෙවත් අලුත් අවුරුදු උදාවේ පුන්‍ය කාලය හෙට අලුයම 1.49 ට ආරම්භ වේ.

ඒ අනුව හෙට (14) අලුයම 1.49 ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජෝතිෂ්‍යයේ සඳහන්ය.

නව අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට උදෑසන 8.13ට යි.

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අප්‍රේල් මස 14 වැනිදා සෙනසුරාදා  උදෑසන 10.40යෙදී තිබේ.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ,ගිනි මොලවා , හකුරු මිශ්‍ර කිරිබත්ක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කිරීම සුදුසු බව ජෝතිශ්‍යෙය් සදහන් වේ.

වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වැනිදා සෙනසුරාදා උදෑසන 11.53 ටයි.

නිල් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා  වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය යෙදි තිබේ.

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 16 වැනි සදුදා උදෑසන 10.16 ටයි.

සුදු පැහැ ස්ත්‍රාභරණයෙන් සැරසී උතුර බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල් පත් ද තබා තෙල් සහ දිවුල් පත්‍ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම යහපත් බව අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල දැක්වෙයි.

අලුත් අවුරුද්දේ රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 19වැනි  බ්‍රහස්පතින්දා  උදෑසන 6.03 ට යෙදී තිබේ.

කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුබව කොට නැගෙනහිර දිශාව බලා  රැකීරක්ෂා සඳහා පිටත්වීම සුදුසු බව ජෝතිශ්‍යෙය් සදහන්ය.