උත්සව සමය තුළ විශේෂ අධීක්ෂණ වැඩසටහනක් - සුරාබදු දෙපාර්තමේන්තුව කියයි
April 11, 2018 06:20 am
2018 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබේ.
2018 අප්‍රේල් මස 09 වන දින සිට 15 දින දක්වා පැවැත්වෙන මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන අඛණ්ඩ අධීක්ෂණයට ලක්කිරීමටත්, මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදුකෙරෙන ස්ථානයන් වැටලීමට හා එම සුරා අපරාධ ග්‍රහණය කිරීමටත් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්හට උපදෙස් ලබා දී ඇත.
මෙම වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම ඒ ඒ සුරාබදු කොට්ඨාශ බාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට සහ ඒ ඒ සුරාබදු මණ්ඩල බාර සුරාබදු අධිකාරීවරුන් හට පවරා ඇති අතර, සුරාබදු මූලස්ථානය මඟින් එම වැඩ සටහනෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට තිබේ.
මෙම වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කර සිටියි.
ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන දුරකථන අංක වෙත තොරතුරු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දුරකථනය: 0112 – 045 077
ෆැක්ස්: 0112 – 877 882
විද්‍යුත් ලිපිනය: oiccrime@excise.gov.lk
මේ පිළිබද වැඩිදුර විස්තර පහත දුරකථන අංකයෙන් විමසා ලබාගත හැකිය.
දුරකථනය: 0113 – 888 032
ජංගම: 0772 – 602 842
විද්‍යුත් ලිපිනය: dcehr@excise.gov.lk
ෆැක්ස්: 0112 - 877 895
