සිංහල තේරෙන්නේ නැති නිසා හොරොව්පතානේ යන්න ගිය මුස්ලිම් දරුවා කොන්දොස්තර ගලේවෙල එක්ක ගිය හැටි
April 2, 2018 11:39 am
බස් කොන්දොස්තර සිදුකළ වැරදි ක්‍රියාවක් නිසා අතරමං වූ දරුවෙකුට පොලීසියෙන් සහ ගලේවෙල ප්‍රදේශවාසියෙකුගෙන් සහයෝගය ලැබීමෙන් අනතුරුව සිය දෙමව්පියන් හමුවට බාරදීමේ අපූරු පුවතක් ගලේවෙල පොලීසියෙන් වාර්තා විය.
පොළොන්නරුව අරාබි මුස්ලිම් විදුහලක ඉගෙනුම ලබන මොහොමඩ් අසීෆ් 12 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු හොරොව්පතාන ප්‍රදේශයේ තම නිවස බලා පසුගියදා ගමන් කිරීම සඳහා බස් රථයකට ගොඩ වී ඇත්තේ පොලොන්නරුව බස් නැවතුම්පොළෙන් බව පොලීසිය කියයි.
මෙම කුඩා දරුවාට හොරොව්පතාන බස් රථය වෙනුවට වැරදීමකින් ඔහු ගොඩ වී ඇත්තේ පොලොන්නරුව සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකිනි.
බස් රථය තුළ දරුවා නිදා ගැනීමත් සමඟ ඔහු අවදි ව ඇත්තේ පොළොන්නරුවේ සිට කිලෝමීටර් අසූ හයක් පමණ දුරකින් වූ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදීය.
සිංහල භාෂාව නිසි ලෙස කතා කර ගැනීමට නොහැකි වූ මෙම දරුවා කොන්දොස්තරවරයා ගෙන් මේ බව බස් රථය තුළ විමසන්නට විය.
අවසානයේදී මෙම කොන්දොස්තරවරයා කිසිඳු ප්‍රදේශයත් නොදත් මෙම දරුවා ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ ප්‍රධාන පාරේ බස් රථයෙන් බස්සවා හොරොව්පතාන බස් රථයක යන ලෙස උපදෙස් ලබාදී පිටව ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ජීවිතයේ කිසිඳු දිනක නොදුටු ප්‍රදේශක මෙම කුඩා දරුවා ප්‍රධාන මාර්ගයේ ඒ මේ අත ඇවිදිමින් සිටියදී පෞද්ගලික ආයතනය කළමනාකරුවකු වූ කේ . ජී .වික්‍රමසිංහ මහතා මෙම දරුවා දැක තිබේ.
පසුව ඔහු සිය ආයතනයට මෙම දරුවා කැඳවාගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිකරගත් කරුණු අනුව මෙම දරුවා සංසුන් කොට ආහාර පාන ආදිය ලබා දී ගලේවෙල පොලීසියට මේ පිළිබඳව දැනුම් දී තිබේ.
ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ජානක විතානච්චි මහතා වහාම එම ස්ථානයට පැමිණ දරුවා පිළිබඳව තොරතුර ලබා දුන් වික්‍රමසිංහ මහතාට ස්තුතිය ප්‍රකාශ කරමින් දෙදෙනාම පොලිස් ජිප් රථයෙන් ගලේවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන යන්නට කටයුතු කළේය.
ද්‍රවිඩ භාෂාව පිළිබඳව දැනුමක් ඇති පොලිස් නිලධාරියෙකුගේ සහයෝගය ඇතිව මෙම දරුවාගේ දෙමව්පියන් පිළිබඳව සම්පූර්ණ විස්තර ලබා ගත් ජනක විතානච්චි මහතා හොරොව්පතාන පොලීසිය හරහා දෙමව්පියන්ට මේ බව දැනුම් දී ඔවුන්ට කඩිනමින් ගලේවෙල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.
ඒ අතරතුරදී මෙම දරුවාට ආදරය රැකවරණය කරුණාව ආහාරපාන මේ සියල්ල ගලේවෙල පොලිසියෙන් ලබාදීමට පොලිසිය මෙන්ම පොලිසියේ අනෙකුත් නිලධාරීහු ද සමත් වූහ.
ගලේවෙල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි මහතා කියා සිටියේ ආගම කෙසේවෙතත් මෙම කුඩා දරුවා ද ශ්‍රී ලාංකික දරුවෙකු බවත් ඔහු ඔහුට ආදරය රැකවරණය ආරක්ෂාව ලබාදීම සිංහල දෙමළ මුස්ලිම් හෝ වෙනත් ජාතිකයෙකු වේවා ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකළ යුතු බවය.
පසුව මෙම දරුවාගේ පියා ගලේවෙල පොලීසියට පැමිණ ය අනන්‍යතාවය තහවුරු කරමින් පොලීසියට මෙන්ම වික්‍රමසිංහ මහතා ද සිය ස්තුතිය පුද කරමින් දරුවා රැගෙන යෑමට පියවර ගත්තේය.
එහෙත් විදුහලකින් නිවාඩුව සඳහා දරුවන් පිටත් කර යැවීමේ දී විශේෂයෙන් කුඩා දරුවන් පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි මහතා ප්‍රකාශ කළේය.
