ලොරි රථ 2ක් මුහුණට මුහුණ ගැටී 1කට  බරපතළයි (ඡායාරූප සහිතයි)

ලොරි රථ 2ක් මුහුණට මුහුණ ගැටී 1කට බරපතළයි (ඡායාරූප සහිතයි)

March 30, 2018   06:58 am

හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප‍්‍රවහානය කළ ලොරි රථයක් හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිසුවු අනතුරකින් එක් ලොරි රථයක රියදුරෙකු බරපතළ ලෙස තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඔහු වැඩි දුර ප‍්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඊයේ (29) රාති‍්‍ර 11.10 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ තලවාකැලේ ඩෙරික්ලයාර් වත්ත ප‍්‍රදේශයේදිය.

තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථය ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් තිබු ගොම පොහොර ප‍්‍රවහානය කරන ලොරි රථයේ බඳ කොටසේ ගැටි මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරික්‍ෂණ පවත්වන තලවාකැලේ පොලීසිය පවසයි.
 
අනතුර පත් එක් ලොරි රථයක බරපතළ ලෙස තුවාල ලබා සිටි රියදුරාව එම මාර්ගයේ ගමන් ගත් වාහන වල රියදුරන් විසින් දැඩි පරිශ‍්‍රමයක් දරා ලොරි රථයෙන් ඉවතට ගෙන රෝහල් ගත කර ඇත. 

තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථයේ රියදුරාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවී ඇති බවත් සිදුවු අනතුරෙන් එක් ලොරි රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇති බව තලවාකැලේ පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.