බල්ලෙක් සපා කෑ වරදට පුද්ගලයෙකු අත්අඩංගුවට-දඬුවම ගැන තුවාලකරු කනස්සල්ලෙන්

බල්ලෙක් සපා කෑ වරදට පුද්ගලයෙකු අත්අඩංගුවට-දඬුවම ගැන තුවාලකරු කනස්සල්ලෙන්

March 19, 2018   09:16 pm

මහපාරේ ගමන් කරමින් සිටියදී බල්ලකු සපාකෑ පුද්ගලයෙකුට පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවූ පුවතක් නිකවැරටිය ගලපිටියාගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සපාකෑ බල්ලා පොලිස් නිලධාරියෙකුට අයත් එකෙක් වීම නිසා තමන්ට මෙම අතවරයට ලක්වීම ට සිදුවූ බව තුවාලකරු ප්‍රකාශ කරයි. 

පසුගිය දිනක තම දරුවා යතුරුපැදියෙන් පාසලට රැගෙන යමින් සිටියදී පසුපසින් හඹා ආ බල්ලකු තමාට සපා කෑ බවත් ඒ පිළිබඳව ඒ අසල නිවසේ සිටි බල්ලාගේ හිමිකරුට දැනුම්දී තමා පාසලට ගිය බවත් තුවාලකරු පවසයි. 

දරුවා පාසලට ඇරලවා ආපසු පැමිණෙන විට තම නිවසට පොලිසිය පැමිණ සිටි බවත් පොලිස් නිලධාරියෙකුට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන දිනක් පොලිසියේ රඳවාගත් බවත් එම පුද්ගලයා සඳහන් කරයි. 

පසුව පොලිස් ඇපමත තමා මුදා හැරි නමුත් ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නාක් මෙන් තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමණිලි කරන්නට තැනක් නොමැති වීමෙන් දැඩි කලකිරීමට පත්ව සිටින බවත් එම පුද්ගලයා පවසයි.