කුණු කන අලි
March 5, 2018 10:36 am
වන අලීන් ආරක්ෂා කිරීම සඳහා කොතෙක්කුත් ක්‍රියාමර්ග වගකිවයුතු අංශයන් විසින් අනුගමනය කළ ද එම ආයතන විසින් සිදු කරනු ලබන අනුවන ක්‍රියාවක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට යාල ජාතික වනෝද්‍යානයෙන් වාර්තා විය.
අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳයි.
යාල ජාතික වනෝද්‍යානයට අයත් යාල රක්ෂිතය ස්භාව සුන්දරත්වයෙන් යුතු ස්ථානයකි.
තිස්සමහාරාම නගරයේ දෛනිකව එක්රැස්වන කැලි කසළ කලක සිට මෙම රක්ෂිත භූමියට බැහැර කරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.
ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් කසල රථවලින් කිසිදු පැකිලීමකින් තොරව රක්ෂිත භූමියට කැලි කසළ බැහැර කිරීමට බලධාරින් කටයුතු කර ඇති ආකාරයයි.
අනතුරුව උකුස්සා මෙම ස්ථානයට කසළ බැහැර කිරීමේ නිරත ප්‍රාදේශීය සභා සේවකයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.
මෙලෙස ගෙනවිත් දමන කැලි කසළ රක්ෂිතයේ සිටින වන අලින් ඒ මොහොතේම සිය ආහාරය කරගත්තේ මෙලෙසින්.
උකුස්සා මෙහිදී සිදුකළ වැඩිදුර සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වුණේ මෙලෙස රක්ෂිතයට බැහැර කරන අපද්‍රව්‍ය අතර මළ අපද්‍රව්‍යයද වන බවයි.
එමෙන්ම මෙම ස්ථානයට මුදා හරින අපද්‍රව්‍ය අවට පරිසරය පුරා විසිරී ඇත.
උකුස්සා මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත ගිය අතර එහිදී දැකගත හැකි වුණේ මෙම මධ්‍යස්ථානය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවත් එබැවින් කැලි කසළ අදාළ රක්ෂිත භූමිය වෙත මුදා හරින බවයි.
යාල රක්ෂිතය වාසභූමිය කරගත් වල අලි මෙන්ම අනෙකුත් සතුන්ටද ජීවිත තර්ජනයක් එල්ල කරමින් පරිසරයද වනසා දමන මෙම වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳව නව වනජීවී අමාත්‍යවරයා ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ඒ පිළිබඳව අද දෙරණ උකුස්සා අවදානයෙන්.