සයුරෙන් එතෙර
හිම කඳු කඩා වැටිලා-10කට තුවාලයි
January 27, 2018 11:34 am
ජපානයේ, හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
ජපානයේ - කුසට්සු හි කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිඳුව ඇති අතර අසල පිහිටි ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් මෙම හිම කඳු කඩා වැටීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්කරයි.
එහිදී අනතුරට ලක් වූ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු බේරාගැනීමට සහන සේවකයින් සමත්ව තිබේ.
තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තුරු එම කඳුකර ප්‍රදේශය තරණය කිරීමෙන් වැලකී සිටින ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.