5 ශ්‍රේණියේ පාසල්වලට ඇතුළත් කරන අවම ලකුණු පිටවෙයි

5 ශ්‍රේණියේ පාසල්වලට ඇතුළත් කරන අවම ලකුණු පිටවෙයි

December 19, 2017   03:23 pm


2017 වසරේ 5 ශ්‍රේණි  ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් සඳහා කොළඹ රාජකීය විද්‍යාලය කඩඉම් ලකුණු 187, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලකුණු 186 ක් හා කොළම ආනන්ද විද්‍යාලය ලකුණු 184 ක් ලෙස ද දක්වා තිබේ.

සිංහල මාධ්‍ය බාලිකා පාසල් සඳහා කොළඹ විශාණා විද්‍යාලය ලකුණු 189 ක්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය ලකුණු 186ක්, කොළඹ දේවි බාලිකා විද්‍යාලය ලකුණු 185 ක් හා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 185 ක් ලෙස දක්වා ඇත.

සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සියල්ල සඳහා වන කඩයිම් ලකුණු ප්‍රමාණයන් පහත දක්වා තිබේ.

2017 Grade 5 Scholarship Exam Cut-Off Marks - (Sinhala Medium) by deranapics on Scribd

2017 -Grade 5 Cut-Off Marks List (Tamil Medium) by deranapics on Scribd