පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

November 10, 2017   08:05 am



පෙට්‍රල් සැපයුම අද දිනය තුළ යථා තත්ත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඊයේ රාත්‍රී 07.30ට පමණ දිවයින පුරා පිහිටි පිරවුම්හල් වෙත  ඉන්ධන බෙදාහැරිම ආරම්භ කළ බව එම සංස්ථාව පවසයි.

මෙට්‍රික් ටොන් 40,000කට අධික පෙට්‍රල් තොගයක් රැගත් නෙවෙස්කා ලේඩි නෞකාව පෙරේදා මධ්‍යම රාත්‍රීයේ දිවයිනට පැමියේය.

මුතුරාජවෙල මුහුදු ප්‍රදේශයේ  මෙම නෞකාව නැංගුරම්ලෑමෙන් අනතුරුව එම නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් සාම්පලවල තත්ත්ව පරික්ෂා කිරිම ඊයේ දිනයේ සිදු කෙරිණි.

අදාල පෙට්‍රල් නිසි ප්‍රමිතියෙන් යුතු බවට සනාථ කිරිමෙන් අනතුරුව නෞකාවෙන් ඉන්ධන පොම්ප කිරිම ඊයේ දහවල් වන විට ආරම්භ කර තිබේ.

ඉන්ධන හිඟයක් ඇති වන බවට ප්‍රචාරයවිමත් සමඟ පසුගිය සිකුරාදා සිට මෙම අර්බුදය හට ගෙන තිබිණි

ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් නෞකාවක් ප්‍රතික්ෂේප කරීමෙන් අනතුරුව ලංකා අයි.ඕ.සී සමාගම පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබා දීමට කටයුතු නොකිරිමත් සමඟ මෙම අර්බුදය හටගත් බව විෂයභාර අමාත්‍යවරයා පැවසීය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවැති සීමිත පෙට්ට්‍රහල් තොගය සහ සපුගස්කන්ද පිරිපහදුවෙන් පිරිපහදු කෙරෙන පෙට්‍රල් වෙළඳපලට  නිකුත් කෙරුණ ද එය ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවීය.