කතුන් වෙනුවෙන් ඉදිරියේ දී සංවර්ධන සහකාර තනතුරක්
September 14, 2017 03:22 pm
අමාත්‍යාංශ හරහා කාන්තා කටයුතු සහ සැළසුම් වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද(14) දින අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් හමුවීම සහ විවාහ රෙජිස්ටාර්වරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
කාන්තා වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ කාන්තා සැළසුම් හා වැඩ කටයුතු සම්බන්ධයෙන් අඩුවක් දක්නට ලැබුන ද අද වන විට කාන්තා ප්‍රතිශතයය සියයට 52 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
එනිසා සැබවින්ම කාන්තාවන් වනුවෙන් වනිතා කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එකට එක්වී සියලූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ලබා දෙන බව අගමැතිවරයා කියා සිටියේය.
එම තනතුර සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගෙන මනා පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව ඒ සඳහා පත්වීම් ලබාදීමට නියමිතයි.
ඉන් පසුව මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද පුහුණුවක් ලබා දිය යුතු අතර, එම පුහුණුවෙන් පසු වැඩ කටයුතු ආරම්භ කර ඉදිරියට යා යුතු බව ද අගමැතිවරයා පවසයි.
ඒ ආකාරයට වැඩ කටයුතු කර කාලයක් ගත වන විට දක්ෂතා සහිත නිලධාරීන් හරහා ඒ වැඩ කටයුතු දිස්ත්‍රික් මට්ටම දක්වා ගොන ගොස් තවත් ඉදිරියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී 25% ක අනිවාර්ය කාන්තා නියෝජනයක් ඇති කරන බවත්, ඒ අනුව මැතිවරණවල දී පිරිමි අපේක්ෂකයන්ට 75% ක උපරිම මැතිවරණ නියෝජනයක් හිමි වන අතර, පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනයක් ඇති කර එහි ඇති අඩුපාඩු සකසා ගනිමින් එම ක්‍රමය ඉදිරියේ දී පළාත් සභා තුළ ද ක්‍රියාත්මක කළ හැකි වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.