සර්ව ජන ඡන්ද බලයට එරෙහිව 20 එන ලකුණු?
August 9, 2017 05:07 pm
ව්‍යාජ හේතුවක් මවා පාමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව සුදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.
අද(09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙම නව ව්‍යවස්ථාව අගෝස්තු 3 වන දා ගැසට් කර ඇති බවත් රජය මේ වන විට පළාත් සභා මැතිවරණය දිවයින පුරා එක් දිනකදී පැවැත් වීමට අවශ්‍ය බව පවසමින් ව්‍යාජ හේතුවක් ඉදිරිපත් කරමින් සිටින බවත් ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා එක් දිනකදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් 2018 හා 2019 වසරවල පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීමට සියලු වරප්‍රසාද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරු සහය දක්වන්නේ නම් ඔවුන්ට කිසි දිනෙක දේශපාලන අනාගතයක් නොමැති බව ද ජි.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට ඒකාබද්ධයේ සියලූම පක්ෂ 20 වන ව්‍යවස්ථාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සඳහා සුදානමින් සිටින බවත් එයට සිවිල් සංවිධානයන්ගේ ද සහය හිමිවන බවත් ඔහු මෙහිදී පැවසීය.