කොල්ලකන්න යද්දී මාට්ටු

කොල්ලකන්න යද්දී මාට්ටු

August 6, 2017   01:05 pm


තලාහේන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී මුදල් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලීසිය පැවසුවේ ඊයේ(05) රාත්‍රී පුද්ගලයන් දෙදෙනෙකු සුපිරි වෙළෙඳසැලට ඇතුළු වී සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබුණු බවයි.

ඒ අනුව පොලීසිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර සැකකරුවෙකු ගනුදෙනු කරුවෙකුගේ යතුරුපැදියක් රැගෙන පළාගොස් තිබේ.

අනෙක් සැකකරු තුවාල ලැබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

 මේ අතර බොරලැස්ගමුව ප්‍රදේශයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැලට ඊයේ රාත්‍රියේ  ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 20,000ක පමණ මුදලක් කොල්ලකා පළාගොස් තිබේ.

 ගිනි අවියක් පෙන්වා සේවකයින් බිය ගන්වා අදාළ කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.