දේශීයව ඖෂධ නිෂ්පාදනයට කර්මාන්ත ශාලා 23ක්
July 6, 2017 11:58 am
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් 23ක් සමඟ ගිවිසුම් 33ක් අත්සන් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එම ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරිම එළඹෙන 11 දා කොළඹ දී සිදු කිරීමට නියමිතයි.
එම සමාගම්වල හිමිකරුවන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
කර්මාන්තකරුවන් මුහුණ දි ඇති ගැටළු මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටළුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විසඳුම් ලබා දී ඇත.
හොරණ, කළුතර, කොග්ගල සහ මහනුවර යන ප්‍රදේශවල මෙම කර්මාන්ත ශාලා ඉදිකරන අතර, එමඟින් රැකියා අවස්ථා 2000 ක් පමණ නිර්මාණය වෙනු ලබන අතර ඇතැම් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් නව කර්මාන්ත ශාලා මඟින් නිෂ්පාදනය කරන ඖෂධ රජයේ රෝහල්වල රෝගී ප්‍රතිකාර සේවා සඳහා ලබාගැනීමට නියමිත අතර ඖෂධ ආනයනය කිරිම සඳහා වාර්ෂිකව රජය වැය කරන රුපියල් බිලියන 45 ක මුදල ඉතිරි කර ගැනීමට මෙමඟින් හැකියාව ලැඛෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
2018 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 75 ක් දේශීය නිෂ්පාදනය කිරිමට තම බලාපොරොත්තුව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිඳුරටත් කියා සිටියේය.