දෙපයින් නැගී සිටින්නට වාරුවක්...

දෙපයින් නැගී සිටින්නට වාරුවක්...

July 29, 2024  

Bookmark and Share
ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් සේවා වනිතා ශාඛාව මඟින් කෘත්‍රීම පාද පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊයේ (28) වන දින පවත්වා තිබේ.

වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවෙහි සභාපතිණියගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන පවත්වා තිබුණි.

විවිධ හේතූන් මත පාද අහිමි වු පුද්ගලයින්හට යහපත් අනාගතයක් උදාකර දීමේ අරමුණින් කොක්කඩිචෝලෙයි, මඩකලපුව, අම්පාර, පදියතලාව, වැලිකන්ද, සිංහපුර, පූනානි සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් තොරාගත් ආබාධිත සිවිල් පුද්ගලයින් 26 දෙනෙකුට මෙලෙස කෘත්‍රීම පාද ලබාදී තිබේ.

එම පිරිස අතර පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් පස් දෙනෙක්ද ඇතුළත් විය.

මෙම අවස්ථාවට ආඥාපති, ආරක්‍ෂක සේනා(නැගෙනහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බළකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ශවාන්ත් කුලතුංග සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිණි, වරුණි කුලතුංග මහත්මිය සහභාගී වී තිබුණි.

"Colombo Friends In Need"සංගමයේ සහ "Rotary Club of Capital City"හි සාමාජිකයින් මෙම වැඩසටහනට සාර්ථක කර ගැනිම සඳහා සහයෝගය දක්වා ඇත.