අලුතින් ආ රාජ්‍යතාන්ත්‍රිකයෝ...

අලුතින් ආ රාජ්‍යතාන්ත්‍රිකයෝ...

June 5, 2024  

Bookmark and Share
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඔවුන් ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍ර භාර දී ඇත.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටී.

එම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා – ගෝතමාලා ජනරජයේ තානාපති.

02. අලි අචෝයි මහතා – ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති.

03. මාර්ජ් ලූප් මහත්මිය – එස්තෝනියා ජනරජයේ තානාපති.

04. බෞන්මි වන්මෙනි මහතා – ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති.

05. වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා – කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය).

06. ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා – නවසීලන්ත මහකොමසාරිස්.

07. සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා – තුර්කි ජනරජයේ තානාපති.

08. එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා – සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්.

09. කෙවින් කෙලී මහතා – අයර්ලන්ත තානාපති.

10. මසූඩ් ඉමාඩ් මහතා – මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්.

11. අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය – හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති.

12. අබු බකාර් කරීම් මහතා – සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්.

13. ආචාර්ය නිකොලායි යන්කොව් මහතා – බල්ගේරියානු ජනරජයේ තානාපති.

14. හේමන්ඩොයාල් ඩිලුම් මහතා – මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්.