සඳහම් යාත්‍රා ධර්ම දේශනා මාලාව ජනපති ප්‍රධානත්වයෙන්
March 12, 2017 03:40 pm
සඳහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ මැදින්පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් හිඟුරක්ගොඩ ඓතිහාසික උණගලා වෙහෙර රජමහා විහාරස්ථානයේ දී පවත්වා තිබේ.
අද දින ධර්ම දේශනාව පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමවාසී ශාස්ත්‍රපති පූජ්‍ය පුහුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගී වී තිබේ.
“පිබිදෙන පොළොන්නරුව - රජරට නවෝදය“ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු උණගලාවෙහෙර චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර ජාත්‍යන්තර පරිභෝගික අයිතිවාසිකම් දින ජාතික සැමරුම ලබන 15 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහලේ දී එය පැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.
ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම් යන්න මෙවර පාරිභෝගික අයිතිවාසිකම් දින තේමාව වෙයි.
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දින ජාතික සැමරුමට සමගාමීව පාරිභෝගික අයිතීන් පිළිබඳ අදාළ සියලු ක්ෂේත්රවල විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ කථිකාවතක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.