මුස්ලිම් කොංග්‍රසයේ නව මහලේකම් ධූරය කාදර්ට ලැබෙයි
February 12, 2017 04:05 pm
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය අද (12) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.
එහිදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ(11) රාත්‍රී රැස්වී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර තිබේ.
ඒ අනුව පක්ෂයේ නායකයා ලෙස 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය.
සභාපති ධුරයේ කටයුතු කළ බසීර් සේගුදාවුද් මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහලේකම් ධුරයේ කටයුතු කළ හසන් අලී මහතා පත් කිරීමට යෝජනා කර තිබේ.
එහෙත් අදාළ යෝජනාව හසන් අලී මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩුව පවතින බව මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය.
පක්ෂය විවේචනය කිරීමේ චෝදනාව මත බසීර් සේගුදාවුද් මහතාව සභාපති ධුරයෙන් ඉවත් කර ඇති අතර ඔහුගේ උත්තරීතර මණ්ඩල සාමාජිකත්වය ද අත්හිටුවා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව මහලේකම්වරයා ලෙස මන්සූර් ඒ.කාදර් මහතා පත් කර ඇති අතර ඒ හේතුවෙන් හසන් අලී මහතාට මහලේකම් ධුරය අහිමි වී තිබේ.