දුන්න අපමණ අගය හොඳටම ඇති
February 5, 2017 12:15 pm
රටට අපමණ අගයක් ලබා දීමට පැමිණි බවත් මෙතෙක් ලබා දුන් අපමණ අගය හොඳටම ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසයි.
අද(5) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මහතා මේ බව ප්‍රකාශකර ඇත.
එමෙන්ම ඔහු සාකච්ඡාව අවස්ථාවට විවිධ ආහාර ද්‍රව්‍ය රැගෙන පැවති අතර රටේ බඩු මිල අනුව ජල විදුලි බිල නැතුව වේල් දෙකක් ආහාර ගතහොත් මසකට රුපියල් 40920ක් ද වේල් තුනක් ආහාර ගතහොත් මසකට 61380ක් අවශ්‍යවන බව පවසයි.ඒ වගේම දත් මදින් නැතුව ,ඇදුම් හෝදන් නැතුව හිටියොත් පමණක් මෙවැනි වියදමක් යන බව ද ඔහු පවසයි.
තවද රතන හිමි කෘෂිරසාන ද්‍රව්‍ය නිසා පොහොර නැවැත්වූ නමුත් දැන් ඉන්දියාවෙන් ගෙන්වන හාල් වල රසායනික ද්‍රව්‍ය නෑ කියලා දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?යන්න හා උනවහන්සේගේ රගපෑම හෙළි වූ බවද ඔහු පවසයි.
තවද රතන හිමි කෘෂිරසාන ද්‍රව්‍ය නිසා පොහොර නැවැත්වූ නමුත් දැන් ඉන්දියාවෙන් ගෙන්වන හාල් වල රසායනික ද්‍රව්‍ය නෑ කියලා දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?යන්න හා උනවහන්සේගේ රගපෑම හෙළි වූ බවද ඔහු පවසයි.
මාධ්‍යවේදීන් විසින් රතන හිමි රෝ පාර්ෂවයේ ද? යන ලෙස නැගූ පැනයකට පිළිතුර ලෙස ඔහු කියා සිටියේ මෙවන් දෙයක්,
පැහැදිලිවම ඔව්.ඉන්දියාවට ඉලක්කයක් තිබ්බා ලංකාවේ ආහාර නිපදවීම නවත්වන්න.රතන හිමි ඉන්දියාවෙ ආර්ථිකය ලංකාවෙ හදන්න මුල්වෙලා ඉවරයි.