බාහිර උපාධි චක්‍රලේඛය අහෝසි කරනතුරු සටන් කරනවා
December 9, 2016 05:10 pm
ආණ්ඩුව බාහිර උපාධි සිසු කප්පාදුවට ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව බාහිර උපාධිධාරි සංවිධාන එකතුව විසින් අද (09 ) මරදාන සාමයික හා සමාජීය කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.
එහි දී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා මෙසේ කියා සිටියේය.
''ඔබ දන්නවා බාහිර උපාධි චක්‍රලේඛය ගෙනාපු වේලාවේ සිට තනි තනි සංවිධාන හැටියට අපි මැදිහත් වුණා. ඒ වෙනතුරු අපේ රටේ ඇමතිවරු GAQ කියන්නෙ මොකද්ද කියලවත් දන්නැතිව තමයි හිටියෙ. ඒ කියන්නේ බාහිර උපාධි සම්බන්ධව අපේ රටේ පාලකයන්ගේ අවධානය කොයිතරම්ද කියන එක හරි පැහැදිලියි. ඒනිසා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව විදිහට මේ සංවිධානය ගොඩනගන්න අපේ කටයුතු කරා. අපි මේ සංවිධානය ගොඩනගලා මේ චක්‍රලේකයට විරුද්ධව විශාල හඬක් නගන්න පටන්ගත්තා.
මේ හඬ නියෝජනය කරන්නේ මේ සඳහා පෝස්ටර් ගහපු, පත්ත්‍රිකා ඛෙදපු, මහ ගිනි අවුවේ කරවි කරවි පාගමන් ගිය අපේ සහෝදර සහෝදරියන්. facebook ඇතුළේ දැවැන්ත මතවාදයක් කරපු අපේ සහෝදර සහෝදරියන්. ඒවගේම බාහිර උපාධි ශිෂ්‍යයින්, ගුරුවරුන් හා දෙමව්පියන්. එවගේම රටපුරා උද්ඝෝෂණ කරලා, පෙත්සම් අත්සන් කරලා විශාල හඬක් නැගුවා. ඒ නිසා අපේ රට තුළ දැවැන්ත මතවාදයක් හදන්න අපි සමත් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටේ පාලකයන්ගේ ඇස් කන් ඇරෙන්න පටන් ගත්තේ. ඒ නිසා බාහිර උපාධි ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් විදහට ගෙන්න පුළුවන් වුණේ.
ඊට පස්සේ ජනාධිපතිතුමා සාකච්ඡාවක් දීලා අපිට පොරොන්දුක් වුණා සති දෙකක් ඇතුළත මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනවා කියලා. ඒවගේම ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී කිවුවා මගේ ප්‍රතිපත්තිය කියන්නේ අධ්‍යාපනය කප්පාදුව නෙවෙයි කියන එක. නමුත් සතිදෙකකින් පස්සේ සාකච්ඡාවක් තියලා කැළණි විශ්වවිද්‍යාලය සඳහා පමණක් 14,000ක් බඳවා ගන්නා බව දැනුම් දුන්නා. ඒ ගැන ජනාධිපතිතුමාට ස්තූතිය පළකරනවා. නමුත් අපි ජනාධිපතිතුමාගෙන් අහනවා මේ අධ්‍යාපන කප්පාදුව ඔබේ මැදිහත්වීමකින් සිදු නොවෙනවා නම් කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 14000 බඳවා ගැනීම් ඉතාමත් වේගයෙන් සතිදෙකක් ඇතුළත පටන්ගන්න. ඒ අයට ලියුම් දාන එක පටන් ගන්න ඕන.
ඒවගේම මේ ප්‍රශ්නය අනික් විශ්වවිද්‍යාලවල නැද්ද? තියනවා. ජයවර්ධනපුර, රුහුණ, පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවල ළමයි ඔබේ ප්‍රතිපත්තියට අනුව අපේ රටේ ළමයි නෙවෙයිද? අපි ජනාධිපතිතුමාගෙන් අහනවා ඒ ළමයිට සාධාරණයක් ඉටු කරන්නේ නැද්ද කියලා. ඒ වගේම 2015 බාහිර උපාධි සිහිනයේ ඉන්න ළමයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අවුරුද්දකට වඩා වැඩි කාලයක් පංතිවලට ගිහිල්ලා බලාපොරොත්තු සහිතව ඉන්නවා. අපි ජනාධිපතිතුමාගෙන් අහනවා ඒ අයට සාධාරණයක් ඉටු කරන්නේ නැද්ද?.
ඔබ දන්නවා එක් වසරකට උසස්පෙළ විභාගය සඳහා 250,000ක් පෙනී සිටිනවා. ඉන් 150,000ක් උසස් පෙළ සමත් වෙනවා. නමුත් විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්නේ 25,000ක් පමණයි. ඉතිරි 125,000ට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඔවුන්ට මොකද වෙන්නේ. මේ චක්‍රලේඛය අහෝසි නොකරොත් ඔවුන්ට තියෙන්නේ ලකෂ 120ක් ගෙවලා උපාධි කඩවලින් උපාධි ගන්න එක. හැබැයි අපේ රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට උපාධි සිහිනය අහිමි වෙලා යනවා. ඒ නිසා මේ චක්‍රලේඛය වහා අහෝසි කළ යුතුයි. එය අහෝසි කරන තුරු අපි මේ සටන දිගටම ගෙනයනවා.
ඒවගේ අපි දන්නවා මේ ප්‍රශ්නය පිටිපස්සේ ආණ්ඩුවේ ප්‍රධාන බීරි අලි දෙන්නෙක් ඉන්නවා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ උසස් අධ්‍යාපන ඇමති ලෙස ඉන්න අධ්‍යාපනය මහා මාර්ගයට ඇදල දාපු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න. ඒක හරි පැහැදිලියි. 2016 උසස් අධ්‍යාපනය සඳහා බිලියන 44ක් වෙන්කරලා තියනවා. 2017 දී එය බිලියන 40ක් දක්වා අඩුවෙලා තියනවා. ඒ කියන්නේ 9%ක කප්පාදු කරලා තියනවා. ඒක මේ රටේ ගුරුවරු, ශිෂ්‍යයෝ හා දෙමව්පියෝ තේරුම් ගන්න. ඔබ අහලා තියෙනවා නිදහස් අධ්‍යාපනය ඇති කළේ කන්නන්ගර මහත්තයා කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නේ නැහැ කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනාවද නැද්ද කියලවත්. ඒ නිසා අයවැය ඇතුළේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කරලා පෞද්ගලික අධ්‍යාපනය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ.
ලකෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා පාර්ලිමේන්තු විවාදයෙදී මොකද්ද කිවුවේ. බාහිර උපාධිධාරි කියන්නේ ටියුෂන් පංති ගිහිල්ලා ඉගෙන ගන්න අය. ඒනිසා ඒ අය වැඩක් නැහැ. ඒ අය ෂුවර් නැහැ. ඒ විදිහට තමයි බාහිර උපාධිධාරින් හැල්ලූවට ලක් කළේ. ඒ විතරක් නෙවෙයි ඒඅයට උගන්වන ගුරුවරුත් හැල්ලූවට ලක්කළා. ඔවුන්ට ටියුෂන් කඩකාරයෝ ලෙස තමයි අර්ථ දැක්වුයේ. එතකොට ඒ ගුරුවරු කුඩු විකුණන මුදලාලිලාද කසිප්පු විකුණන මුදලාලිලාද කියලා අපි අහනවා.
ඒ වගේම මොහාන්ලාල් ග්‍රේරු ඇමතිතුමා විහිළු සපයන්න පටන් අරන් තියනවා. අද දිවයින පත්තරේ කියලා තියනවා බාහිර උපාධිධාරීන් 89,000ක් බදවා ගන්නවා කියලා. අපි අහනවා මහත්තයෝ ඔයා ගණන් පාස්නම් නිවැරැදි තොරතුරු හොයන්න එන්න කියලා. මොකද කැලණි විශ්වවිද්‍යාලයට අයදුම්පත් කරලා තිනේනේ 14,000ක් පමණයි. ඔහුට අඩුම ගාණේ සංඛ්‍යා ලේඛනයක්වත් කියාගන්න බැරි වෙලා තියනවා.
දැන් මේ ආණ්ඩුව මොකද කරන්නේ, අගමැතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, ග්‍රේරු ඇමතිවරයා මේ සියලූ දෙනා අපිව ගොනාට අන්දමින් අධ්‍යාපනය පෞද්ගලිකරණයට මැදිහත් වෙනවා.
ඒ නිසා අපි අවධාරණය කරනවා මේ සටන පටන්ගත්තේ බාගෙට නතරකරන්න නෙවෙයි. 2014 ශිෂ්‍යයින්ට යම් මැදිහත්වීමත් කරලා තිබුණත් අපි අවධානයෙන් බලා සිටිනවා ඉදිරි සති දෙක ඇතුලත ඒ ශිෂ්‍යයින් බදවා ගැනීමේ ලිපි යැවීමේ කටයුතු කරනවද කියන එක. ඒවිතරක් නෙවෙයි 2015 ළමුන්ට සහ අනාගතයේ බාහිර උපාධි කරන්න ඉන්න ළමයිනුත් වෙනුවෙන් මේ බාහිර උපාධි චක්‍රලේඛය වහා අහෝසි කරන්න ඕන. එතනින් මෙහාට කිසිදු සාමදානයක් නැහැ. අපි පාලකයන්ට කියනවා මේ සති දෙක දීලා ඉන්නවෙල් එක ඇතුළේ අපිව දුර්වල කරන්න හදනවානම් ඒක හීනයක් විතරයි. මේ මාධ්‍ය සාකච්ඡාවෙන් ඒක පේනවා.
අපි අද කෑගල්ලෙන් නැවතත් උද්ඝෝෂණ, විරෝධතා පටන් ගත්තා. ඒ වගේම නැවතත් අපි රට පුරා විරෝධතා පටන් ගන්නවා. ඒනිසා අපි රටේ සිවිල් සංවිධාන, විද්වතුන්, බුද්ධිමතුන් හා රටේ ජනතාව එකතු කරගනිමින් ලියවිල්ලක් සකස්කර ජනාධිපති තුමාට බාරදෙන්න කටයුතු කරනවා. එහෙත් කිසිදු විසඳුමක් නැතිවුණොත් අලූත් අවුරුද්දට පෙර සියලූ ප්‍රගතිශීලි ජනතාව ප්‍රගතිශීලි සංවිධාන එක්ක ජනාධිපති හමුවෙන්න කොළඹට එනවා කියන එක පැහැදිළි ප්‍රකාශ කරනවා.˜
එම මාධ්‍ය හමුවට පහත සිවිල් සංවිධාන නියෝජිතයින්ද සහභාගි විය.
01) බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව හි සමකැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා
02) සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා
03) බාහිර උපාධි ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති සාලිය ජයවර්ධන මහතා
04) බස්නාහිර පළාත් බාහිර උපාධි ජාතික ශිෂ්‍ය එකමුතුව හි මාධ්‍ය ප්‍රකාශක චතුර තිලකරත්න මහතා
05) ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා
06) බාහිර උපාධි ආයතන හා ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ආර්. එම්. සී. කේ. රත්නායක මහතා
07) බාහිර උපාධි සහයෝගීතා පදනම හි සභාපති අයිවන් කොඩිතුවක්කු මහතා
08) බාහිර උපාධි ආචාර්ය සංසදය හි මනෝජ් මහතා
09) බාහිර උපාධිය සුරැකීමේ සංවිධානය (දකුණු පළාත) හි කැඳවුම්කරු කේ. පී. සෝමසිරි මහතා
10) බාහිර උපාධි අධ්‍යාපන ශිෂ්‍ය සංසදය හි ප්‍රියන්ත මහතා
11) බාහිර උපාධි ශිෂ්‍ය බලමණ්ඩලයේ දෙමාපිය එකතුව හි සභාපතිනි සමුද්‍රා මහත්මිය